නයිජීරියාවේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් රථ පෙළකට ප්‍රහාරයක් එල්ල කරයි

නයිජීරියාවේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් රථ පෙළකට ප්‍රහාරයක් එල්ල කරයි

නයිජීරියාවේ දකුණු රිවර්ස් ප්‍රාන්තයේ තෙල් සේවා සමාගමක රථ පෙළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

එම ප්‍රහාරයෙන් සොල්දාදුවන් හතර දෙනෙකු මරා දමා ඇති අතර දකුණු කොරියානු කම්කරුවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවද සඳහන්

නයිජීරියානු සොල්දාදුවන් විසින් වැඩ කිරීමට රැගෙන යමින් සිටි දකුණු කොරියානු සමාගමක කම්කරුවන් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ

පසුව නයිජීරියානු හමුදාව සොල්දාදුවන් ඝාතනය කිරීම සහ විදේශිකයන් පැහැර ගැනීම තහවුරු කර තිබෙනවා

ප්‍රකාශයක් නිකුත් කරමින් හමුදා ප්‍රකාශක මේජර් Jonah Danjuma කියා සිටියේ පැහැරගත් කම්කරුවන් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා හමුදාව ප්‍රහාරකයින් ලුහුබඳිමින් සිටින බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් හමුදාව සැක සහිත සටන්කාමීන් වෙත දොස් පැවරූ නමුත් එහි වගකීම ක්ෂණිකව භාරගෙන නැහැ .

Share This