ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ කළ විශේෂ නිවේදනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ කළ විශේෂ නිවේදනය

ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව එහි විධායක මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ එහි විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව විසින් එක් නිර්ණායකයක් හැර සෙසු සියලු ඉලක්ක සපුරා ඇති අතර ඔක්තෝම්බර් මාසය අවසානය වන විට එම ඉලක්කයන්ද සපුරාලීමට හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ.

මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිසි මාර්ගෝපදේශ මත ක්‍රියාත්මක වන ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව එම අරමුදල සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම, ආදායම ඉහළ නැංවීම, විදෙස් සංචිත ප්‍රතිස්ථාපනය කිරීම, උද්ධමනය අඩු කිරීම යන කාර්යයන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රශංසනීය දායකත්වයක් ලබා දී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වාදෙන්නේ.

අමෙරිකානු ඩොලර් බිලියන 03ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු ණය වාරිකය වන ඩොලර් මිලියන 333 අරමුදල පසුගිය මාර්තු මාසයේදී නිකුත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

 

 

 

 

 

 

 

Share This