මොසැම්බික් මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

මොසැම්බික් මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

ප්‍රකට මොසැම්බිකානු මාධ්‍යවේදී João Chamusse, Maputo අගනුවරට තදාසන්න ප්‍රදේශයේදී ඝාතනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහුගේ නිවසින් පිටතදී සිරුර සොයාගත් බවත් ඝාතනයකට ලක්ව ඇති බවට සැකකෙරෙන ආකාරයෙන් සිටි බවත් සඳහන්

එරට ප්‍රාදේශීය මාධ්‍ය පවසා තිබෙන්නේ නාඳුනන ප්‍රහාරකයින් විසින් ඔහු මරා දමා ඇති බවත්, ඔහු උදව් ඉල්ලා කෑගසන ශබ්දය අසල්වැසියන්ට ඇසී ඇති බවත්ය.

João Chamusseගේ හිසේ තුවාලයක් තිබූ බවත් සිරුර අසළ මන්නයක් සහ ගෙවතු උදැල්ලක් තිබී ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව පවසන්නේ මාධ්‍යවේදියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කැළඹීමකට ලක්ව ඇති බවයි

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද එම කමිටුව මොසැම්බික් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා

මෙම ඝාතනය සම්බන්ධයෙන් මොසැම්බික් බලධාරීන් තවමත් අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This