19න් පහළ ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරග අද

19න් පහළ ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරග අද

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ වන විට පැවැත්වෙනවා.

පළමු තරගය එක්සත් අරාබි එමීර් සහ පාකිස්ථාන කණ්ඩායම් අතරත්, දෙවන තරගය ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතරත් ආරම්භ වුණා.

පාකිස්ථානයට එරෙහිව පළමුව පන්දුවට පහරදෙමින් සිටින එක්සත් අරාබි එමීර් කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා.

දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 27ක් ලබා සිටියා.

Share This