සුළි කුණාටුවක් හේතුවෙන් ආර්ජන්ටිනාවේ 14ක් මරුට

සුළි කුණාටුවක් හේතුවෙන් ආර්ජන්ටිනාවේ 14ක් මරුට

නැගෙනහිර ආර්ජන්ටිනාවට පැයට කිලෝමීටර් 150ක වේගයෙන් හමා ගිය තද වැසි සහ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කුණාටුව Buenos Aires සිට කිලෝමීටර් 570 ක් දකුණින් පිහිටි Bahia Blanca වරාය නගරයට ළඟා වීමෙන් පසු දැඩි ලෙස හානි සිදුව තිබෙනවා ,

ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති අතර විදුලියද විසන්ධි වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මෙම කුණාටුව හේතුවෙන් අසල්වැසි උරුගුවේ රාජ්‍යයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ

Bahia Blanca වරාය නගරයට ළඟා වූ කුණාටුව හේතුවෙන් ක්‍රීඩා මධ්‍යස්ථානයක වහලයේ කොටසක් කඩා වැටී 13 දෙනෙකු මිය ගිය බවද නිලධාරීහු පවසා තිබෙනවා

තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේ සිටි ගිනි නිවන භටයින්ට සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම මොරෙනෝ නගරයේ කඩා වැටුණු ගසක අත්තක් වැදීමෙන් තවත් කාන්තාවක් මිය ගොස් තිබෙනවා

Share This