ජබාලියා සරණාගත කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් 110ක් මරුට – තවත් පිරිසක් සුන්බුන් අතර සිරවෙයි

ජබාලියා සරණාගත කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් 110ක් මරුට – තවත් පිරිසක් සුන්බුන් අතර සිරවෙයි

ඊයේ (17) රාත්‍රියේ අවම වශයෙන් ඊශ්‍රායල මිසයිල හතරක් ජබාලියා සරණාගත කඳවුරේ ගොඩනැගිලි තුනකට පහර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පුද්ගලයන් 110 දෙනෙකු මිය ගොස් තවත් 20 සිට 30 දක්වා පිරිසක් ගොඩනැගිලි තුනේ සුන්බුන් යට සිරවී සිටින බව ගාසා තීරයේ හමාස් විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සන්නිවේදන ගැටලු හේතුවෙන් උතුරු ගාසා තීරයේ තොරතුරු සත්‍යාපනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජබාලියා යනු ගාසා තීරයේ උතුරේ විශාලතම කඳවුර වන අතර ඊශ්‍රායල හමුදාව පසුගිය සති දෙක තුළ කඳවුර සහ ඒ අවට ක්‍රියාත්මක වූ බව පැවසෙනවා

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තර පීඩනය උත්සන්න වන විට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin ඊශ්‍රායලයට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin ඔහුගේ ඊශ්‍රායල සහකරු Yoav Gallant සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

මේ අතර ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියෙක් වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ යුද්ධයේ මීළඟ අදියරට මාරුවීම සඳහා ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රංශය ගාසා තීරයේ ක්ෂණික සහ කල් පවත්නා සටන් විරාමයක් ඉල්ලා සිටින අතර එක්සත් රාජධානිය සහ ජර්මනිය තිරසාර සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා

ප්‍රදේශයේ වාර්තා වූ ගුවන් ප්‍රහාර පිළිබඳ කිසිදු විස්තරයක් ලබා දී නොමැති බවද පැවසෙනවා.

Share This