විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් – අධ්‍යාපන ඇමති

විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් – අධ්‍යාපන ඇමති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව තුළ විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය එක් ප්‍රධාන අංශයක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා

මෙරට පාසල් පද්ධතියට පුහුණු ගුරුවරුන් යොමු කිරීම වෙනුවෙන් ස්ථාපිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සියල්ලම එක් කොට අධ්‍යාපනවේදී උපාධි ලබා දීම වෙනුවෙන්ම ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයිඅමාත්‍යවරයා පවසන්නේ

අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්, කලාප මට්ටමේ විශේෂ අධ්‍යාපන තක්සේරුකරණ කමිටු පිහිටුවීම සහ අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක්වෙමිනුයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” කහතුඩුවේ වෙනිවැල්කොළ පිහිටි විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතා කුඩාම අවධියේදීම දරුවන්ගේ විශේෂ තත්ත්වයන් වෙතොත් හදුනාගැනීමට දියුණු රටවල තාක්ෂණය භාවිත කරමින් සකස් කළ විශේෂ ක්‍රමවේද තියෙනවා. අපේ රට තුළ තවමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හදුනා ගැනීමේ ප්‍රමාදයන් තියෙනවා. මේ ක්ෂේත්‍රයට එය විශාල බලපෑමක්. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල කථන සහ ශ්‍රවණ ආබාධ තියෙන කිසිම දරුවෙක් නෑ. අපිත් ඒ තත්ත්වයට අදියරෙන් අදියර ළගා විය යුතුයි.” යනුවෙනුයි.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ සමාජමය සංස්කෘතිමය වශයෙන් මෙරට අභියෝග රැසක් පවතින බව ද, ඔවුන් වෙනුවෙන් මීට වඩා අවධානය ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

Share This