1951 වසරෙන් පසු බීජිං නුවරට අධික සීත කාලගුණයක්

1951 වසරෙන් පසු බීජිං නුවරට අධික සීත කාලගුණයක්

චීනයේ බීජිං අගනුවරට 1951 වසරෙන් පසු බලපෑ අධික සීතල කාලගුණය මෙම දෙසැම්බර් මාසයේ මාසයේ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව එය -10C ක් ලෙස සටහන්ව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එමෙන්ම මෙම ශීත කාලගුණය චීනය පුරා පළාත්වලට බලපා ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන සේවා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා

කෙසේ වෙතත් මෙම වසරේ ජුනි මාසයේ බීජිංහි ඉහළම උෂ්ණත්වය ද වාර්තා වුණා.

එම අගය සටහන්ව තිබුණේ සෙල්සියස් අංශක 40කට වැඩි අගයකිනුයි

මේ අතර, උතුරු ජපානයේ සමහර ප්‍රදේශවල විශාල හිම පතනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

Share This