වැට් බදු සංශෝධනයෙන් සිදුවන බලපෑම අවම කරන්න රජය ගන්නා ක්‍රියාමාර්ග (VIDEO)

වැට් බදු සංශෝධනයෙන් සිදුවන බලපෑම අවම කරන්න රජය ගන්නා ක්‍රියාමාර්ග (VIDEO)

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැණෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් එහිදී අනාවරණය කර තිබෙනවා.

ඉදිරියේ දී සිදු වන වැට් බදු සංශෝධනය සහ එහි බලපෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය පළ කළ අදහස් ඇතුලත් ප්‍රවෘත්ති වාර්තාව පහතින්…..

 

 

Share This