ඉන්ධන අලෙවිය පහළට

ඉන්ධන අලෙවිය පහළට

දැඩි උද්ධමනය හමුවේ දෛනික ඉන්ධන අලෙවිය 40%කින් පමණ පහළ බැස ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තිබූ සමයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පන්දහසක් පමණ දිනකට අලෙවි වුවත් මේ වනවිට දිනකට අලෙවි වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙදහසකින් පමණ අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඩීසල් අලෙවිය ද මෙට්‍රික් ටොන් එක්දහස් අටසියයකින් පමණ පහළ වැටී තිබෙනවා.

සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහස් අටසියයක් පමණ අලෙවි වුවත් මේ වනවිට දිනකට අලෙවි වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක පමණ ප්‍රමාණයක්.

ලබන 01 වැනිදා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල පිළිවෙළින් රුපියල් හතළිස් දෙකකින් හා ඩීසල් ලීටරය රුපියල් හතළිස් පහකින් වැට් බද්ද නිසා ඉහළ දැමුවහොත් ඉන්ධන අලෙවිය තවත් පහළ වැටෙන අතර තෙල් අලෙවිය ඒ ආකාරයට අඩුවී ගියහොත් ඉන්ධනහල් පවත්වා ගෙන යෑමට නොහැකි වන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

Share This