අවුරුදු උදාවට සුබ පැතුම් එක් කළ යුක්‍රේන ජනපති ආයුධ නිෂ්පාදනයේ වැඩිවීමක් ගැනද සඳහන් කරයි

අවුරුදු උදාවට සුබ පැතුම් එක් කළ යුක්‍රේන ජනපති ආයුධ නිෂ්පාදනයේ වැඩිවීමක් ගැනද සඳහන් කරයි

යුක්‍රේනය නිෂ්පාදනය කරන ආයුධ ප්‍රමාණයේ තියුණු වැඩිවීමක් පිළිබඳව ජනාධිපති Volodymyr Zelensky පවසා තිබෙනවා

ඔහුගේ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන්ව ඇත්තේ අවම වශයෙන් ඩ්‍රෝන යානා මිලියනයක්වත් ඉදිකරන බවටයි

මේ අතර යුක්‍රේනයේ දකුණේ ඔඩේසා ප්‍රදේශයේ සහ රුසියාවේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ප්‍රහාරවලින් පස් දෙනෙකු මිය යාමත් සමග අලුත් අවුරුදු දිනය දක්වා තවත් සටන් පැවතුන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා සිය නව අවුරුදු දේශනයේදී ඔහුගේ හමුදාවට ප්‍රශංසා කළ නමුත් යුද්ධය ගැන පැහැදිලිව කිසිදු සඳහන් කර තිබුණේ නැහැ

Share This