රුසියාව සහ යුක්‍රේනය අතර ගුවනේ ගැටුම් උත්සන්න වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර ගුවනේ ගැටුම් උත්සන්න වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර ගුවනේ යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර දේශසීමා නගරයකට යුක්‍රේන ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි රුසියානු බලධාරීහු පවසන්නේ

පසුගිය සෙනසුරාදා එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති අතර බෙල්ගොරොඩ් වෙත ළඟා වීමට පෙර මිසයිල රැසක් බිම හෙළූ බව නිලධාරීහු පවසා තිබෙනවා

මේ පිළිබඳව යුක්‍රේනය අදහස් දක්වා නැහැ .

ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියාව මෙතෙක් සිය විශාලතම ගුවන් බෝම්බ ප්‍රහාරය දියත් කිරීමෙන් පසුවයි .

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසන්නේ රුසියාව දින පහක් තුළ මිසයිල 300ක් සහ ඩ්‍රෝන යානා 200ක් පමණ භාවිතා කරමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

අඟහරුවාදා දිනයේ පමණක් hypersonic බැලස්ටික් මිසයිල 10 ක් බිම හෙළා ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා

කෙසේවෙතත් යුක්‍රේන බලධාරීහු කියා සිටින්නේ Kharkiv සහ Kyiv ඇතුළු යුක්‍රේනයේ නගර කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් රට පුරා පුද්ගලයින් 130 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි.

Share This