ලොව ලාබාලතම පියා ගැන ඔබ දන්නවා ද?

ලොව ලාබාලතම පියා ගැන ඔබ දන්නවා ද?

ලොව ලාබාලතම පියා ලෙසින් හඳුන්වනු ලබන පුද්ගලයාට වයස අවුරුදු 9ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු 1910දී චීනයේ අවුරුදු 8ක ගැහැණු ළමයෙකු සමගින් ඇති කරගත් සම්බන්ධතාවයකින් අනතුරුව ඔහු පියෙකු බවට පත්වුණා.

සමහර වාර්තා සඳහන් කර ඇත්තේ මේ දෙදෙනාට දරුවන් හතර දෙනෙකු සිටින අතර ඔහු පිළිබඳව වැඩි තොරතුරක් සටහන් වන්නේ නැහැ.

ලොව දෙවන ලාබාලතම පියා 11 හැවිරිදි වියේ පසුවූ දරුවෙක් වන අතර ඔහු මේ වනවිට 23 වන වියේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2012 වසරේදී නවසීලන්තයේ Aucklandහි 11 හැවිරිදි පිරිමි ළමයෙක් තම පාසල් මිතුරාගේ 36 හැවිරිදි මව සමග ඇති කරගත් සම්බන්ධතාවයකදී දරුවෙකු ලැබීමෙන් පසු ලොව ලාබාලතම පියා බවට පත්වුණා.

එවකට පාසල් සිසුවෙකු වූ පියා සහ බිළිඳා දෙදෙනාම රජයේ රැකවරණයට යටත්ව සිටි අතර අදාළ කාන්තාවට අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදුවූ බව සඳහන්.

කාන්තාව සහ ප්‍රාථමික පාසල් වයසේ පසුවන දරුවා යන දෙදෙනාම නවසීලන්තයේ Aucklandහි ජීවත් වී තිබෙනවා.

නවසීලන්ත නීතියට අනුව බලහත්කාරයෙන් ලිංගිකව එක්වන විට ස්ත්‍රී දූෂණ චෝදනා කළ හැක්කේ පුරුෂයෙකුට පමණක් බවයි සඳහන් වන්නේ.

මෙම සම්බන්ධතාවය ආරම්භ වී ඇත්තේ 2012 අප්‍රේල් මාසයේදී පිරිමි ළමයා සහ ඔහුගේ මිතුරා පාසල් නිවාඩුවක් ගත කළ අවස්ථාවේදීයි.

ඔවුන් දවස ගත කළේ මිතුරාගේ නිවසේ වූ අතර එහිදී කාන්තාව පිරිමි ළමයාට මත්පැන් ලබා දී ඔහු සමග ලිංගිකව සම්බන්ධ වී තිබෙනවා.

දරුවෙකු පිළිසිඳ ගැනීමට මාස කිහිපයකට පෙර කාන්තාව නැවත නැවත ලිංගිකව එක්වීමට දරුවාට බල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව පිරිමි ළමයා මෙම සිදුවීම් තම පාසලේ විදුහල්පතිවරයාට පවසා ඇති අතර, ඔහු පොලිසියට සහ ළමා තරුණ හා පවුල් සේවාවලට දැනුම් දීමෙන් අනතුරුව බලධාරීන් ක්‍රියාත්මක වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට අවුරුදු 15ට අඩු පිරිමි දරුවන් 25ක් පමණ පියවරුන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This