84 දෙනෙකුට මරු කැඳවූ ඉරානයේ බෝම්බ ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනියි

84 දෙනෙකුට මරු කැඳවූ ඉරානයේ බෝම්බ ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනියි

ඉරාන ජෙනරාල් Qasem Soleimani එක්සත් ජනපදය විසින් ඝාතනය කිරීමේ සිව්වන සංවත්සරය යෙදී තිබුණු දිනයේ ඉරානයේ ජනතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම (IS ) පවසා තිබෙනවා .

දකුණු ඉරානයේ Kerman හිදී එල්ල වූ ප්‍රහාරයෙන් 84 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඉරානය මුලින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ අමෙරිකාව ප්‍රහාරය පිටුපස සිටින්නට ඇති බවයි.

IS සිය ටෙලිග්‍රෑම් හරහා මෙම ප්‍රකාශය සඳහන් කර ඇති අතර පසුව ප්‍රවෘත්ති ආයතනයක් වන Amaq හි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු පෙන්වන පින්තූරයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රහාරයට වගකිව යුතු බව සඳහන් කර තිබෙනවා

පළමු මරාගෙන මැරෙන බෝම්බකරු තම පුපුරණ ද්‍රව්‍ය මිනිසුන් රැස්ව සිටි පිරිසක් අතර පුපුරුවා හැර ඇති බවත් විනාඩි 20කට පමණ පසු දෙවැනි බෝම්බකරු සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර ඇති බවත් එම වාර්තාවේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

IS ප්‍රහාරකයින් “Omar al-Muwahhid” සහ “Sayfullah al-Mujahid” ලෙසයි ඔවුන් වැඩිදුරටත් නම් කර ඇත්තේ

Share This