
පැතුම් නිස්සංකට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු උණ රෝගය වැළදී තිබෙනවා.
ඒ හේතුවෙන් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ඔහුට අහිමිවන බවයි වාර්තා වන්නේ.
සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර හෙට (06) ආරම්භ වන තරගාවලිය ලබන 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි
ඒ අනුව දෙරට අතර 20යි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වෙන බව සඳහන්.
