පෝලන්ත පොලිසිය ජනාධිපති මන්දිරයේදී මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනියි

පෝලන්ත පොලිසිය ජනාධිපති මන්දිරයේදී මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනියි

පෝලන්තයේ වෝර්සෝ හි ජනාධිපති මන්දිරය තුළ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

Mariusz Kaminskiට සහ Maciej Wasik ට 2007 වසරේ දී දූෂණ අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වුණා .

මෙම දෙදෙනාටම ඔවුන්ගේ පාර්ලිමේන්තු වරම් ඉවත් වී ඇති අතර ජනාධිපති Andrzej Duda ගේ සමාව නිසා නීත්‍යානුකූලව තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලෙස රැඳී සිටින බවයි පැවසෙන්නේ

අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ආධාරකරුවන් සිය ගණනක් ඔවුන්ට සහය දක්වමින් එහි පිටත රැඳී සිටිමින් උද්ඝෝෂණ කළ බවද වාර්තා වනවා

 

Share This