නොමිලයේ මැච් බලන්න අවස්ථාවක්

නොමිලයේ මැච් බලන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ‍අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය නොමිලයේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් සිය නිල ට්විටර් ගිණුමේ ඒ බව සඳහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ නොමිලයේ නැරඹීමට හැකි ස්ථානවලට පිවිසීමට ඇති දොරටු හෙට(10) පස්වරු 1ට විවෘත කරන බවයි.

තරගය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලියේ පළමු සහ දෙවැනි තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් අවම සංඛ්‍යාවක් පැමිණීම ඊට හේතුවයි.

Share This