යුක්‍රේන පාර්ලිමේන්තුවෙන්  ප්‍රතික්ෂේප වූ පනත් කෙටුම්පත

යුක්‍රේන පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ පනත් කෙටුම්පත

යුක්‍රේන පාර්ලිමේන්තුව එරට හමුදාවන්ට සිවිල් වැසියන් බලහත්කාරයෙන් බඳවා ගැනීමේ පනත් කෙටුම්පත සලකා බැලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් දඬුවම් ක්‍රියාමාර්ග ව්‍යවස්ථා විරෝධී බවයි මන්ත්‍රීවරුන් විවේචනය කර ඇත්තේ

පනත් කෙටුම්පතේ යෝජනා කර ඇති හමුදා සේවා කාලය මාස 36 සිට 18 දක්වා අඩු කරන ලෙසද යෝජනා කර තිබෙනවා

රුසියාව සමග වසර දෙකකට ආසන්න යුද ගැටුම් හේතුවෙන් කියෙව් යුද පිටියේ ගැටලුවලට මුහුණ දෙන නිසා වැඩි පිරිසක් බඳවා ගැනීමේ උත්සාහයක් ලෙස මෙම පනත කෙටුම්පත් කළ බවයි වාර්තා වන්නේ

ත්‍රිවිධ හමුදාවට බඳවා ගත හැකි වයස අවුරුදු 27 සිට 25 දක්වා අඩු කිරීමේ සැලසුම් ද එයට ඇතුළත් වනවා

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට අමතර සොල්දාදුවන් 450,000-500,000 ක් අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපතිවරයා පසුගිය මාසයේදී ප්‍රකාශ කරනු ලැබුවා

Share This