ඉන්දියාව විවෘත කළ දිගම මුහුදු පාලම (VIDEO)

ඉන්දියාව විවෘත කළ දිගම මුහුදු පාලම (VIDEO)

ඉන්දියාව රටේ යටිතල පහසුකම් පුළුල් කරමින් කිලෝමීටර් 21.8 ක දිගකින් යුතු Mumbai සිට Navi Mumbai දක්වා මිනිත්තු 20කින් යාහැකි දිගම මුහුදු පාලම විවෘත කර තිබෙනවා.

ඒ අනුව අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මුම්බායි හි Sewri සහ රයිගාඩ් දිස්ත්‍රික්කයේ Nhava Sheva අතර මෙම Mumbai Trans වරාය විවෘත කළ බවයි සඳහන් වන්නේ. .

මෙම trans harbour සම්බන්ධකය, Atal Setu ලෙසද හඳුන්වනවා.

එය ඉන්දියාවේ දිගම මුහුදු පාලම වන අතර, එම ස්ථාන දෙක අතර ගමන සඳහා ගතවන කාලය විනාඩි 20 ක් වන බවයි වාර්තා වන්නේ.

එම ගමන සඳහා වර්තමානයේ ගතවන කාලය පැය එක හමාරක්.

ඉන්දියානු රුපියල් කෝටි 17,840 ක වියදමින් ඉදිකරන ලද Mumbai Trans Harbour Linkහි මංතීරු හයක් ඇති අතර පාලමේ කිලෝමීටර 16.5 ක් මුහුදට ඉහළින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This