මෙම මස උද්ධමනය ඉහළ යන බවට මහ බැංකු අධිපතිගෙන් පුරෝකථනයක්

මෙම මස උද්ධමනය ඉහළ යන බවට මහ බැංකු අධිපතිගෙන් පුරෝකථනයක්

මෙම මාසයේ දී මෙරට උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

රජය විසින් හඳුන්වා දුන් එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් උද්ධමනය මෙලෙස ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කළේ .

අද (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියේ දී මෙරට උද්ධමන ඉලක්කය 5%ක් වන අතර එය 4% – 6%ක් වගේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසුවේ.

මෙම අවස්ථාවේ දී වෙළෙඳපොළ පොලී අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසීමට අවස්ථාව සලසා දී ඇති අතර එතෙක් ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගන්නා බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

බැංකු පද්ධතිය මගින් ණය ලබාදීම් ද ඉහළ ගොස් ඇති බව සඳහන් කළ නන්දලාල් වීරසිංහ මහතා ආර්ථික වර්ධනය ධන අගයක් සහ මෙරට සංචිත ප්‍රමාණය ද ඉහළ යමින් පවතින බවයි නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ .

Share This