ප්‍රංශ ගොවි විරෝධතා හේතුවෙන් ගොවීන් 91 දෙනෙකු පමණ අත්අඩංගුවට

ප්‍රංශ ගොවි විරෝධතා හේතුවෙන් ගොවීන් 91 දෙනෙකු පමණ අත්අඩංගුවට

ප්‍රංශ ගොවීන් පැරීසියට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කිරීමෙන් පසු බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

සුපිරි වෙළඳසැල් වෙත ආහාර බෙදා හැරීම නතර කිරීම තම අරමුණ බවයි ගොවීන් සඳහන් කර තිබුණේ

ඒ අනුව මිලියන 12 ක ජනතාවක් පෝෂණය කරන ආහාර බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයක් වන Rungis හි වෙළඳපොළ කඩාකප්පල් වීම පිළිබඳව ප්‍රංශ රජය අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

වෙළෙඳපොළට පැමිණි ගොවීන් 91 දෙනෙකු පමණ අත්අඩංගුවේ පසුවන බවයි එරට පොලිසිය පවසන්නේ

අගනුවරේ දකුණු කෙළවරේ පිහිටා ඇති Rungis වෙළඳපොළ සෑම දිනකම පරිභෝජනය කරන නැවුම් මාළු, පළතුරු, මස් සහ එළවළු බොහොමයක් සපයනු ලබන අතර එය ලෝකයේ එවැනි ආකාරයේ පවතින දෙවන විශාලතම වෙළඳපොළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

විරෝධතාකරුවන් වෙළඳපොලේ ගබඩා ප්‍රදේශයට ඇතුළු වී ආරක්ෂක අංශ විසින් ඔවුන් පිටතට ගෙන යාමට පෙර අලාභහානි සිදු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ

මීට පෙරද මාර්ග අවහිර කිරීමට උත්සාහ කළ පුද්ගලයන් 18 දෙනෙකු රථවාහන ගමනාගමනයට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා

ජර්මනිය, පෝලන්තය, රුමේනියාව, බෙල්ජියම සහ ඉතාලිය හරහා දස දහස් ගණනක් ගොවීන් ද පෙලපාලි පවත්වමින් සිටින බවද සඳහන්

ප්‍රංශයේ ප්‍රධාන කෘෂිකාර්මික සංගමය වන FNSEA හි ප්‍රධානී Arnaud Rousseau පැවසුවේ ගොවීන් අතර විශාල අපේක්ෂාවන් පවතින නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල වහාම ඉටු කළ නොහැකි බවයි.

ආදායම් පහත වැටීම සහ ආනයන තරඟකාරීත්වයට එරෙහිව අඛණ්ඩ විරෝධතාවල කොටසක් ලෙසයි මේ විරෝධතා ආරම්භ කෙරුණේ

Share This