කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමෙන් පසු එහි ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට – 300කට ආසන්න පිරිසක් තුවාල ලබයි (VIDEO)

කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමෙන් පසු එහි ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට – 300කට ආසන්න පිරිසක් තුවාල ලබයි (VIDEO)

කෙන්යාවේ ගෑස් කම්හලේ පිපිරීමෙන් පසු එම ස්ථානයේ ගෑස් හැසිරවීමේ පහසුකම නිරීක්ෂණය කරමින් සිටි ආරක්ෂක නිලධාරියාව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔහුට එල්ල විය හැකි චෝදනා මොනවාද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ වාහනයක් අලුත්වැඩියා කරමින් සිටිනු දුටු කාර්මිකයන් දෙදෙනෙකු සොයා බලධාරීන් සෝදිසියෙන් සිටින බව ද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා

මෙම ගෑස් පිපිරීමෙන් මේ වනවිට තිදෙනෙකු මිය ගොස් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නිවාස, ව්‍යාපාර සහ මෝටර් රථවලට හානි සිදුවී ඇති අතර පිපිරීමට හේතුව තවමත් තහවුරු වෙමින් පවතින බව සඳහන් .

පොලිස් ප්‍රධානියා පවසා ඇත්තේ පිපිරීමෙන් මියගිය අය අතර කුඩා දරුවෙකු සිටින බවත්, මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්ය.

කෙන්යාවේ රතු කුරුස සංවිධානය පැවසුවේ පුද්ගලයින් 271 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් 27 දෙනෙකුට ප්‍රතිකාර ලබා දුන් බවයි.

Share This