
ඇමති කෙහෙළිය අත්අඩංගුවට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.