
චාමික වෙනුවට කසුන් රාජිත කැඳවයි
මේ වන විට කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී හදිසියේ පිටියෙන් ඉවත් වූ චාමික ගුණසේකර වෙනුවට කසුන් රාජිත කැඳවා තිබෙනවා.
පන්දුවට පහර දෙමින් සිටියදී චාමිකගේ හිස් ආවරණයේ පන්දුව වැදීම හේතුවෙන් ඔහුට තරගෙයන් ඉවත් වීමට සිදු වුණා .
මෙම තරගය චාමික ගුණසේකරගේ මංගල ටෙස්ට් තරගයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 439ක් ලබා ගත් අතර මේ වන විට සිය දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා.
