ලැව්ගිනි හේතුවෙන් මියගිය ගණන 112ක් දක්වා ඉහළට -චිලී රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි(VIDEO)

ලැව්ගිනි හේතුවෙන් මියගිය ගණන 112ක් දක්වා ඉහළට -චිලී රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි(VIDEO)

චිලී රාජ්‍යයේ Valparaíso ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසනවා

එරට ජනාධිපති Gabriel Boric විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා අවශ්‍ය සියලු සම්පත් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා

එය චිලී රාජ්‍යයේ පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට ගිය අය බවයි පැවසෙන්නේ

එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Valparaiso හි සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර තෝරාගත් සැත්කම් අත්හිටුවන ලෙසත්, තාවකාලික ක්ෂේත්‍ර රෝහල් පිහිටුවීමටත් අවසර ඉල්ලා තිබෙනවා .

ගලවා ගැනීමේ සේවාවන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට උත්සාහ කරමින් ඇති අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Carolina Tohá පැවසුවේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ අගයන් කරා ළඟා වනු ඇති බවට විශ්වාස කරන බවයි .

ලැව්ගිනි පවතින ප්‍රදේශවලට නොයන ලෙස චිලී රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This