දිමුත්ගෙන් හයේ පහරක් – ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක්

දිමුත්ගෙන් හයේ පහරක් – ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වුණා

ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 56ක ඉලක්කයක් හිමි වූ අතර පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසු කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

එහිදී දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර නිශාන් මදුෂ්ක ද නොදැවී පන්දු 23 කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් ලබා ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This