හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපතිනිය වන Katalin Novák ඉල්ලා අස්වී තිබෙනවා.

එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව හංගේරියානු ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට හංගේරියානු ජනාධිපතිවරිය විසින් පසුගිය සතියේ සමාව ලබාදී තිබුණා.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී තිබූ බව සඳහන්.

ඒ අනුව අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේදී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති Katalin Novák ජනතාවගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This