දකුණු අප්‍රිකාවේ විදුලි කප්පාදුව ගැන කරන චෝදනා විදුලිබල ඇමති ප්‍රතික්ෂේප කරයි

දකුණු අප්‍රිකාවේ විදුලි කප්පාදුව ගැන කරන චෝදනා විදුලිබල ඇමති ප්‍රතික්ෂේප කරයි

දකුණු අප්‍රිකාවේ විදුලි කප්පාදුව පිටුපස කඩාකප්පල්කාරී ක්‍රියාවක් ඇති බවට කරන ප්‍රකාශ එරට විදුලිබල අමාත්‍ය Kgosientsho Ramokgopa ප්‍රතික්ෂේප කර තිබෙනවා

පසුගිය නොවැම්බර් මාසයේ සිට දකුණු අප්‍රිකාව විදුලිය ඇණහිටීම් අත්විඳිමින් සිටින අතර, සමාජ මාධ්‍ය තුළද මේ පිළිබඳව පුළුල්ව ප්‍රචාරය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ANC පක්ෂයේ මහලේකම් Fikile Mbalula මෙම විදුලි කප්පාදුව පැහැදිලි කඩාකප්පල් කිරීමක් බවට චෝදනා කළ අතර ඒ වෙනුවට ශක්තිමත් අමතර ආරක්ෂක පියවරයන් ඉල්ලා සිටිනවා

කෙසේවෙතත් එරට විදුලිබල අමාත්‍ය Kgosientsho Ramokgopa ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ බලාගාරවල විදුලිය නිපදවීමට භාවිතා කරන බොයිලේරු නල කාන්දු වීම නිසා දැඩි විදුලිය ඇණහිටීම් ඇති වූ බවයි.

විදුලි කාන්දුවීම් හේතුවෙන් ප්‍රධාන විදුලි ඒකක 9 ක් එකවර බිඳවැටීමට හේතු වූ බවද විදුලිබල අමාත්‍යවරයා පවසනවා

විදුලි ඒකක දෙකක් නැවත ක්‍රියාත්මක වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි කප්පාදුව එක් මට්ටමකින් පහත හෙලීමට හේතුවූ බවද සඳහන් කර තිබෙනවා

බොහෝ නිවැසියන් බොහෝ විට දිනකට පැය හයක් දක්වා විදුලිය නොමැතිව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This