පාකිස්ථානයේ නව රජයක් පිහිටුවීමට පක්ෂ දෙකක් ගිවිසුමකට

පාකිස්ථානයේ නව රජයක් පිහිටුවීමට පක්ෂ දෙකක් ගිවිසුමකට

පාකිස්ථානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට ෂරීෆ්ගේ PML-N පක්ෂයට උදව් කරන බව භූතෝගේ PPP පක්ෂය දැනුම් දී තිබෙනවා

මෙම පක්ෂ දෙක මීට පෙර 2022 දී ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමටද හේතුවී ඇති බවද සඳහන්

මෙවර ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් Tehreek-e-Insaf (PTI) පක්ෂය විසින් සහාය දක්වන ස්වාධීන අපේක්ෂකයින් අනපේක්ෂිත ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

PPP නායක අසීෆ් අලි සර්දාරි මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පක්ෂය සහ PML-N එකිනෙකාට එරෙහිව මැතිවරණයට තරග කළද ඔවුන් ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් එකට එකතු වූ බවයි.

දේශපාලන ස්ථාවරත්වයේ අවශ්‍යතා වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව ප්‍රකාශයක් නිකුත් කරමින් PML-N සඳහන් කරනවා

ඍජුව තේරී පත් වූ ආසන 266 න් 93 ක් Tehreek-e-Insaf (PTI) පක්ෂය විසින් දිනාගනු ලැබුවා

ෂරීෆ්ගේ PML-N ආසන 75ක් දිනාගත් අතර භූතෝගේ PPP ආසන 54ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්වුණා

මීට අමතරව, කාන්තාවන් සහ මුස්ලිම් නොවන අය සඳහා වෙන් කර ඇති ආසන 70 න් පක්ෂවලට වැඩි ආසන වෙන් කරනු ලබනවා .

Share This