
ශ්රී ලංකාවට කඩුලු 7ක ජයක්
ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දුන් අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 48යි පන්දු 2ක් තුළ සියලු ක්රීඩකයන් දැවී ලකුණු 266ක් ලබා ගත්තා.
ලකුණු 267ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කළා.
පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්රනාන්දු විශිෂ්ට ආරම්භයක් ලබා ගත් අතර අවිෂ්ක ප්රනාන්දුට ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී යාමට සිදු වුණා .
පැතුම් නිස්සංක ශතකයක් සමඟ ලකුණු 118ක් වාර්තා කළ අතර, එය හතරේ පහර 16කින් සහ හයේ පහර 02කින් සමන්විත වුණා .
කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කළා.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 03ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.
