2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරයි

2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම්ව නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් සැපයීම සඳහා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙය බව මහ බැංකුව පවසනවා.

දේශීය සහ ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමන සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කර තිබීමද දැකිය හැකියි.

එම නිවේදනය පහතින්,

Share This