ඩොලර් මිලියන 354ක වන්දියක් ගෙවන ලෙස ට්‍රම්ප්ට නියෝග

ඩොලර් මිලියන 354ක වන්දියක් ගෙවන ලෙස ට්‍රම්ප්ට නියෝග

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඩොලර් මිලියන 354ක් ගෙවන ලෙස නිව්යෝර්ක් අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සිදු කළ වංචාවකට අදාළව එම දඩය නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ට්‍රම්ප්ට වසර තුනක කාලයකට නිව්යෝර්ක් නුවර ව්‍යාපාරික කටයුතුවල නිරතවීම ද තහනම් කර තිබෙනවා.

මීට අමතරව අදාළ වරදට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වන ඔහුගේ පුතුන් වූ ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 4 බැගින් දඩයක් නියම කර ඇති අතර නිව්යෝර්ක්හි ව්‍යාපාර කිරීම වසර දෙකක කාලයකට තහනම් කර ඇති බව සඳහන්.

Share This