ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 161 ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 161 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවාර 19කදී සියලුදෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තා

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 161ක්

එහිදී වනිදු හසරංග පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 67ක් ලබා ගත්තේ හයේ පහර 03ක් සහ හතරේ පහර 07ක් සමගිනුයි

Share This