අවි ආයුධවල හිඟයෙන් රුසියාවට වාසි වෙනවා – යුක්‍රේන ජනපති කියයි

අවි ආයුධවල හිඟයෙන් රුසියාවට වාසි වෙනවා – යුක්‍රේන ජනපති කියයි

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky යුක්‍රේනය පත්ව තිබෙන ව්‍යසනකාරී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා තවත් ආයුධ සඳහා හදිසි ආයාචනයක් කර තිබෙනවා.

මෙම ආයුධ හිඟය නිසා වාසිදායක තත්ත්වයක් ලැබෙන බවයි Zelensky ජර්මනියේ ජාත්‍යන්තර සමුළුවකදී කියා සිටියේ.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනයේ සටනට සහාය දීමට අමෙරිකාව කැපවී සිටින බව ජනාධිපති Joe Biden විසින් යුක්‍රේන ජනාධිපති Zelensky හට සහතික වූ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති Biden පූර්ණ සහයෝගය ලැබීම ගැන තමා කෘතඥ වෙනවා යැයි පැවසූ ඔහු, යුක්‍රේනය සඳහා ඇනහිට ඇති ආධාර පැකේජයක් අනුමත කිරීම සම්බන්ධයෙන් කොන්ග්‍රසය ඉක්මන් තීරණයක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද කියා සිටියා.

එක්සත් ජනපද උප ජනාධිපති Kamala Harris මීට පෙර Kyiv වෙත සහයෝගය ලබා දෙන බවට නැවත නැවතත් සහතික කර තිබුණා.

මෙම ආයුධ ලැබීමට සිදුවී ඇති ප්‍රමාදය මධ්‍යයේ යුද කටයුතු යම් වශයෙන් අඩාල වී ඇති අතර හැකි ඉක්මනින් යුක්‍රේනයට අවශ්‍ය ආයුධ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

Share This