ඉහළ දැමූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු

ඉහළ දැමූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මෙනේරි ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මීට අමතරව බඩඉරිඟු සඳහා ද රු.25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර තිබෙනවා.

මේ අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයේ දක්වා ඇති බව සඳහන්.

Share This