ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වයි

ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වයි

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඔහු විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග අහිමි වූ කේ.එල් රාහුල්ට සිව්වැනි ටෙස්ට් තරගය ද අහිමි වීමට නියමිත බව සඳහන්.

ඉන්දියාව සහ එංගලන්තය අතර සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වනදා ආරම්භ වීමට නියමිතයි.

Share This