රුසියානු විපක්ෂ නායක නවල්නිගේ දේහය මවට ලබාදෙයි

රුසියානු විපක්ෂ නායක නවල්නිගේ දේහය මවට ලබාදෙයි

සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නිගේ ( Alexei Navalny) දේහය ඔහුගේ මවට භාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එක කොන්දේසියක් යටතේ බවද සඳහන්.

එම කොන්දේසිය වන්නේ දේහය රහසිගත ස්ථානයක මිහිදන් කළ යුතු වීමයි.

නවල්නි පසුගිය 16 වනදා මියගියේ සිරගත කර සිටියදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ජනාධිපති පුටින්ගේ අනුදැනුම යටතේ 47 හැවිරිදි නවල්නි ඝාතනය වූ බවට සැක පළවන බවයි.

Share This