පස් කන්දකට යටවී පුද්ගලයෙක් මරුට
මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී ඊයේ(24) නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.
පස් ගොඩට යටවූ පුද්ගලයා ඉන් ඉවතට ගෙන ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අවස්ථාවේදී ඔහු මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දිගන රජවැල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි සඳහන් වන්නේ.