බොරතෙල් මිල පහළට?

බොරතෙල් මිල පහළට?

යුරෝපයේ ඇති ගෑස් සංචිත ඉහළ යාම හා චීනයේ බලශක්තිය සඳහා වන ඉල්ලුම අඩුවීම නිසා ඛනිජතෙල් මිල තවදුරටත් පහළ යන බව වාර්තා වනවා.

බොරතෙල් බැරලයක මිල 2026 වසර වන විට ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වී තිබෙනවා.

2023 දී ඛනිජ තෙල් මිල සියයට 16.5කින් පහළ බසිනු ඇති බවද සඳහන්.

එම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක අපේක්ෂිත අගය ඇමරිකානු ඩොලර් 80.5 ක්.

2026 වසර වන විට එය ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.

කෙසේවුවත් මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින යුද ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 150 දක්වා ඉහළ ගොස් මෙම තත්ත්වය වෙනස්වීමේ හැකියාවක් පවතින බවයි බ්ලූම්බර්ග් (Bloomberg) ආර්ථික සඟරාව ඇස්තමේන්තු කර ඇත්තේ.

Share This