බැංකොක්වල දිව පැටලෙන ඇත්තම නම කියවලම බලන්න

බැංකොක්වල දිව පැටලෙන ඇත්තම නම කියවලම බලන්න

බැංකොක්හි ඇත්තම සම්පූර්ණ නම දිව පැටලෙන සුලු නමක් බව දැනගෙන හිටියාද?

දිගම ස්ථාන නාමය ඇති නිසා බැංකොක් ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය පොදුවේ Krung Thep හෝ Krung Thep Maha Nakhon ලෙස කෙටි කර තිබෙනවා.

තායිලන්තයේ කාර්යබහුලම ස්ථානය වන අගනුවර එනම් බැංකොක්, අග්නිදිග ආසියාවේ සංචාරකයින්ගේ නිතරම පිරී පවතින නගරයක්.

බැන්කොක් හි සැබෑ නම දැක්වෙන්නේ “කෘං තෙප් මහානඛොන් ආමොන් රත්තනකොසින් මහින්දරා ආයුතය මහාදිලොක් ෆොප් නොප්පරට් රට්චතානි බුරිරොම් උදොම්රච්චනිවෙට් මහාසතං ආමොන් පිමන් අවතාන් සතිත් සක්කතට්ටිය විත්සානුකම් ප්‍රසිත්” ලෙසින්.

“Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit,” is a poem-like expression that translates to ”

එහි තේරුම වන්නේ “එය අමරණීය නගරයක්, මහා නගරයක් ලෙස පරිවර්තනය කරයි. මැණික් නවයක්, රජුගේ ආසනය, රජ මාලිගා නගරය, ඉන්ද්‍රගේ අණ පරිදි විශ්වකර්මන් විසින් ඉදිකරන ලද දෙවියන්ගේ නිවහන.”

කෙසේ වෙතත් බොහෝ තායිලන්ත ජාතිකයන් විසින් “කෘං තේප් මහා නඛොන්” යන කෙටි අනුවාදය භාවිතා කරන අතර, නගරයේ සම්පූර්ණ නම ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් දරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This