
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගැටලු සහ අභියෝග ගැන අවධානය (PHOTOS)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග ටෙස්ට්, එක්දින සහ 20/20 ආකෘතීන් තුනේම නායකයින් සහභාගී වී ඇති බව සඳහන්.
නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් හැඩගැන්වීම, නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම, තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම වැනි සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා.





