
ලෝක වාර්තාවකට හිමිකම් කියන 08 හැවිරිදි චෙස් හපනා – Ashwath Kaushik
චෙස් ක්‍රීඩාවේ වාර්තාවකට හිමිකම් කියන 08 හැවිරිදි අශ්වාත් කෞෂික් තම එකම ඉලක්කය ලෝක ශූරයෙකු වීම බව පවසනවා.
චෙස් ක්‍රීඩාවකදී චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් පරාජය කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වෙමින් ඔහු වාර්තාවක් තැබීමට සමත් වුණා.
අට හැවිරිදි අශ්වාත් කෞෂික් ඉතිහාසගත වූයේ ස්විට්සර්ලන්තයේ බර්ග්ඩෝෆර් ස්ටැඩ්තවුස් විවෘත වටයේ හතරවන වටයේදී පෝලන්තයේ 37 හැවිරිදි ජාසෙක් ස්ටෝපා පරාජය කරමින්.
පැරණි වාර්තාව මේ වසර මුලදී පිහිටුවා තිබුණේ එවකට අට හැවිරිදි ලියොනිඩ් ඉවානොවික් විසින්. ඒ ග්රෑන්ඩ්මාස්ටර්වරයෙකු පරාජය කළ වයස අවුරුදු නවයට අඩු පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
කෙසේ වෙතත් මේ වනවිට එම වාර්තාවට හිමිකම් කියන්නේ 08 හැවිරිදි අශ්වාත් කෞෂික්.
ඔහුගේ දෙමව්පියන් පවසන්නේ තම දරුවා රූපවාහිනී සහ දුරකථන තිර ඉදිරියේ කාලය නාස්ති කිරීම වැළැක්වීමේ අරමුණින් ඔහුව චෙස් ක්‍රීඩාව වෙත යොමු කළ බවයි.
ඒ නිසා දෙමව්පියන් විසින් අශ්වාත්ට චෙස් පුවරුවක් ලබා දුන් අතර වැඩි කල් නොගොස් ඔහු තම දෙමාපියන්ව සහ ආච්චිලා සීයලා පරාද කිරීමට පටන් ගෙන තිබෙනවා.
ඔහුගේ මව, රෝහිණී රාමචන්ද්‍රන් පවසන්නේ Covid-19 වසංගත සාමය දරුවා නිවසේම සිටීමත් චෙස් ක්‍රීඩාවේදී ඔහුට ඉදිරියට යාමට තවත් පිටුවහලක් වු බවයි.
