ගාසා තීරයේ රඳවා සිටි හමාස් ප්‍රාණ ඇපකරුවන් 07ක් මරුට

ගාසා තීරයේ රඳවා සිටි හමාස් ප්‍රාණ ඇපකරුවන් 07ක් මරුට

ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හේතුවෙන් මෙම මරණ සිදුවූ බවයි හමාස් සංවිධානය චෝදනා කරන්නේ.

ප්‍රාණ ඇපකරුවන්ට අමතරව හමාස් සටන්කාමීන් කිහිපදෙනෙක් ද මියගොස් තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හමුවේ මෙතෙක් ඝාතනයට ලක්වූ ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 70 ඉක්මවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායලය මෙම මරණ ගැන තවමත් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයට පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයක් දියත් කළ විට හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 253ක් රැගෙන ආ බව සඳහන්.

ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වූයේ හමාස් සංවිධානය විනාශ කිරීමට මහා පරිමාණ ගුවන් හා ගොඩබිම් මෙහෙයුමක් දියත් කරමින්.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල – හමාස් සටන් උග්‍ර වූ අතර ගාසා තීරයේ පලස්තීනුවන් 30,000කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This