බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ශූරතාවය ෆෝචූන් බැරිෂාල් කණ්ඩායමට

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ශූරතාවය ෆෝචූන් බැරිෂාල් කණ්ඩායමට

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම ඊයේ (01) රාත්‍රියේදී සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

මෙය බැරිෂාල් කණ්ඩායම BPL ශූරතාවය දිනූ පළමු අවස්ථාව ලෙසද ඉතිහාසගත වුණා.

මීර්පූර්හි පැවැති මෙම අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 154 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැරිෂාල් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවාරයක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් ශූරතාවය හිමි කර ගත්තා.

එහිදී ක්යල් මේයර්ස් ලකුණු 46 ක් ලබා ගත් අතර, නායක තමිම් ඉක්බාල් ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් සහ මොයීන් අලී කඩුලු 2 බැගින් දවා ගැනීමටයි සමත් වුණේ.

Share This