
බංග්ලාදේශයට ජය
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කර ගනිමින් ජයග්‍රහනයා වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තා.
පන්දුවාර ඔහුගේ 38කදී ඔහු හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ලබා ගැනීමට සමත් වුණා.
