ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් 20යි 20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(09) සවස 02.30ට සිලෙට්හීදී පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙන අතර, අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වනවා.

තරග තහනමක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංගද අද තරගයට ‍එක්වීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.

Share This