
බංග්ලාදේශයට ලකුණු 175ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවන 20 යි 20 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 175ක්
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 86ක්
