බංග්ලාදේශයට ලකුණු 256ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 256ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තා.

එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිව ඇති ඉලක්කය ලකුණු 256ක්.

Share This