ක්‍රීඩාංගණය මැද ලෝකයේ ප්‍රථම වතාවට කළ අමුතු යෝජනාව – සීමාවක් නැති ප්‍රේමය

ක්‍රීඩාංගණය මැද ලෝකයේ ප්‍රථම වතාවට කළ අමුතු යෝජනාව – සීමාවක් නැති ප්‍රේමය

වෘත්තීයමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙකු ලොව ප්‍රථම වතාවට ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයකදී තම පෙම්වතාට විවාහ යෝජනාවක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක Josh Cavallo ඔහුගේ සහකරු Leighton Morrellට යෝජනා කිරීමට කූපර්ස් ක්‍රීඩාංගනය සුදුසුම ස්ථානය ලෙස හැඟුණු බවයි පවසා ඇත්තේ.

2021දී ඇඩිලේඩ් යුනයිටඩ් (Adelaide United) කණ්ඩායම හා එක්වූ Josh Cavallo වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ලොව පළමු සමලිංගික ක්‍රීඩකයා ද වනවා.

24 හැවිරිදි ජෝෂ් කවලෝ ඔහුගේ සහකරු ලයිටන් මොරල් ට යෝජනා කිරීමෙන් පසු A-ලීග් සමාජයට ස්තූති කර තිබෙනවා.

ඇඩිලේඩ් යුනයිටඩ් සමාජය තමාට පාපන්දු ක්‍රීඩාවේ ආරක්‍ෂිත ස්ථානයක් ලබා දී ඇති බව ජෝෂ් කවලෝ සමාජ මාධ්‍ය තුළ සටහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This