2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

2026 වසරේ 20 -20 ලෝක කුසලානය කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබනවා.

Share This